Head Office Narahenpita

2019 නව වර්ෂය සැමරිම ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ දී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු අපේ රටේ ජාතික ප්‍රවාහන සේවයයි. 1958 බස් රථ 7200 ක ඇණියකින් යුතුව ලෝකයේ ලොකුම පොදු මගී සේවා සපයන බස් සමාගම ලෙස ඇරඹී මේ දක්වා විවිධ හැලහැප්පීම් වලට ලක් වෙමින් අදටත් නිහඬව ජනතා සේවය සපයමින් සිටී. ආරම්භයේ සිට අද දක්වාම ශ්‍රී ලංගමයට ආදරය කල, ඒ හා සමඟ හදවතින් බැඳී සිටි පිරිස බොහෝය. ආයතනය තුල සේවය කල පිරිස, ආයතනයෙන් අත්දැකීම් ලබාගත් පිරිස මෙන්ම ආයතනයෙන් සේවය සපයාගත් මගී පිරිසද ඒ අතර වේ. අද දක්වාම කුමන බාධා පැමිණියද ශ්‍රී ලංගමය පතාක යොධයෙකු මෙන් ඒ සියල්ල දරාගෙන තවමත් ජනතා සේවයේ යෙදී සිටින්නේ ඒ ශක්තිය නිසාමය.

වර්තමානයේ බස් සේවා, පුද්ගලික බස් ව්‍යාපාරය විසින් ආක්‍රමණය කිරීමත් සමඟ ජනතාව ලංගමයෙන් ඈත් වේ යයි යමෙකු සිතුවද එය එසේ සිදුවී නැත්තේ, අදටත් බස් රථ අතර ජනහිතකාමීම බස් සේවය ලංගමයම වන නිසාය. විනාඩි 45 ක ගමනකට, පැය 2 ක් ගත කරමින් බස් තුල මගීන් තෙරපවන පුද්ගලීක බස් ව්‍යාපාරයෙන් මිදීමට මගියාට ඇති එකම විකල්පය ශ්‍රී ලංගමයයි. ඒ නිසා අදටත් මගියෙක් මහමග ලංගම බස් රථයක් දුවූ විට ඒ වෙත දිව යන්නේ සිත සතුටිනි.

කෙසේ වෙතත් අන්තර්ජාලය තුල ලංගම වෙනුවෙන් වෙන්කර තිබුණු ඉඩ ප්‍රමාණය කිසිසේත් ම ප්‍රමාණවත් නොවුණු බව අපට හැඟී ගියේ ඒ පිළිබඳව අන්තර්ජාලයේ පරිශීලනය කිරීමෙන් පසුවයි. ලාභ පාරෙන් ලාභය උපයා පාඩු පාරේ පාඩුවට බස් ධාවනය කරමින් ලාංකේය මගී ජනතාවට අතිමහත් සේවයක් කරන අපේ ලංගමට ඊට වඩා ඉඩක් අන්තර්ජාලයේ වෙන් විය යුතු බව සලකා එය අන්තර්ජාලයේ ප්‍රවර්ධනය කිරීමට ක්‍රමයක් සොයමින් සිටි අතරතුර බ්ලොග් අඩවියක අදහස පහල විය. ඒ අනුව http://sltb.lk යන නාමය ඇතිව වෙබි අඩවියක් ආරම්භ කළෙමු.

ලංගම බස් අඩවියට දිනෙන් දින ලැබුණු යහපත් ප්‍රතිචාර මත එහි ඇති වටිනාකම අපටම මැනවින් පැහැදිලි වුන අතර ඒ පිලිබඳ ඉතා සතුටක් ඇතිවිය. ඒ නිසාම තව තව ඡායාරූප හා තොරතුරු එක්රැස් කරමින් එය යාවත්කාලීන කිරීමේ උනන්දුව ඇති විය. ඒ අනුව ලංගම බස් අඩවිය වර්තමාන තත්වයට යාවත්කාලීන කර ගැනීමට අපට හැකි විය. මේ වන විට මුළු ලිපි 880 කින් යුක්ත ලංගම බස් අඩවිය දෛනික පිටු නැරඹුම් 800 ක් පමණ ලැබීම සතුටට කරුණකි. තවද වර්තමානයේ ලංගම පිලිබඳ අන්ත්ජාලයේ පරිශීලනය කරන්නෙකුට ඡායාරූප ඇතුළුව තොරතුරු ගොන්නක් සැපයීමටද අපට හැකිව තිබේ. අනාගත පරපුරටද ලංගම පිලිබඳ සුභවාදී ආකල්පයක් ලබාදීම ඒ හරහා හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

ලංගම බස් අඩවිය පරිශීලනය කරන සියලුම දෙනාට ඒ පිළිබඳව ස්තූති කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නේ ලංගම බස් අඩවියේ නියම සාර්ථකත්වය ලැබෙන්නේ එය පර්ශීලනය කරන පාඨක ප්‍රජාව නිසාම බැවිනි. ඔබ සැමට ස්තූතියි!!

Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus from SLTB Moratuwa depot

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus (62-6846) in the depot premises. Modified by the depot workers in August 2018 for special tours. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයකි. 1997 වසරේ දෙසැම්බර් මස එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2014 වසරේ ජුලි මස මොරටුව ඩිපෝව විසින් රැගෙනවිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කොට තිබුනේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ මොරටුව ඩිපෝව යටතේද රථය ධාවනය වී ඇත්තේ අඩු වශයෙනි. එහෙයින් ශ්‍රී ලංගම විශේෂ බස් රථ ව්‍යාපෘතිය යටතේ මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස නවීකරණයකොට රථයට නව වටිනාකමක් ලබා දී ඇත.
 
මෙම රථයේ වහලයේ කොටසක් විවෘත්ත කර මෙලෙස විශේෂ සංචාරයන්ට ගැලපෙන ලෙස බඳ සකසා ඇත්තේ ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ විසිනි. අනෙකුත් වැඩ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදුකොට ඇත. ඉදිරියේදී හැකිලිය හැකි වහළයක් රථයට ඒක කිරීම ඩිපෝවේ අරමුණයි. ඉන් පසු විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීමට ඩිපෝව සූදානමින් සිටී. මෙම රථය කුලී පදනම මත ලබා ගැනීම සඳහා 077 1 05 63 95 / 077 9 92 21 72 යන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.
 
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
 
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on December 08, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 909/36 bus (MW 11 / 63-2401) at the Mawanella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී . ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය මාවනැල්ල සහ දිප්පිටිය අතර සේවා සඳහා යොදවා තිබුණි.

SRILANGAMA bodied TAM bus from SRILANGAMA Galle depot

This photo was taken in 1990 in Galle, Southern, LK.
Click for the full size picture.
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, SRILANGAMA bodied TAM (Tovarna avtomobilov Maribor, a chassis manufactured in Slovenia) bus (GL 32 / 60ශ්‍රී5590) at Galle in 1990. Allocated for a services on a local route from Galle to Balagoda under the route number 505.  This photo was taken by Mr. Andy Izatt. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.) -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රීලංගම බඳ සහිත ටෑම් වර්ගයේ බස් රථයක් 1990 වසරේ ගාල්ලේ දී. 1987 වසරේ ස්ලෝවේනියාවෙන් ගෙන්වන ලද තට්ටුවක් මත ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 505 යටතේ ගාල්ල සහ බලගොඩ අතර (පෝද්දල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Andy Izatt. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

You might also like:

  • Jaffna To colombo (07/09/2018)
    Long Trip  Jaffna to Colombo  time : Jaffna 01.00 AM - Colombo  06.00 AM Seats 55 Bus  Fee Per person: 600.00 Long Trip  Jaffna to Colombo ( Super Luxury Service) time : Jaffna 01.00 AM - Colombo  06.00 AM Seats 55 Bus  Fee Per person: 600.00
  • Katharagama To Colombo (28/12/2018)
    Long Trip  Katharagama to Colombo (Super Luxury Service) time : Katharagama 10.00 AM - Colombo  7.00 pM Seats 55 Bus  Fee Per person: 580.00 Long Trip  Katharagama to Colombo  time : Katharagama 05.00 PM - Colombo  09.00 PM Seats 55 Bus  Fee Per person: 380.00