22 Jan 2019 07:18
Katubedda Depot

 

Long Trip  Kataragama (32) Colombo (Super Luxury Service)

Long TripRead more...
24 Aug 2018 08:45
Jaffna Depot

 

 Long Trip  Jaffna to Kandy (Super Luxury Service)

Long TripRead more...


                                                                                            
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු අපේ රටේ ජාතික ප්‍රවාහන සේවයයි. 1958 බස් රථ 7200 ක ඇණියකින් යුතුව ලෝකයේ ලොකුම පොදු මගී සේවා සපයන බස් සමාගම ලෙස ඇරඹී මේ දක්වා විවිධ හැලහැප්පීම් වලට ලක් වෙමින් අදටත් නිහඬව ජනතා සේවය සපයමින් සිටී. ආරම්භයේ සිට අද දක්වාම ශ්‍රී ලංගමයට ආදරය කල, ඒ හා සමඟ හදවතින් බැඳී සිටි පිරිස බොහෝය. ආයතනය තුල සේවය කල පිරිස, ආයතනයෙන් අත්දැකීම් ලබාගත් පිරිස මෙන්ම ආයතනයෙන් සේවය සපයාගත් මගී පිරිසද ඒ අතර වේ. අද දක්වාම කුමන බාධා පැමිණියද ශ්‍රී ලංගමය පතාක යොධයෙකු මෙන් ඒ සියල්ල දරාගෙන තවමත් ජනතා සේවයේ යෙදී සිටින්නේ ඒ ශක්තිය නිසාමය.

වර්තමානයේ බස් සේවා, පුද්ගලික බස් ව්‍යාපාරය විසින් ආක්‍රමණය කිරීමත් සමඟ ජනතාව ලංගමයෙන් ඈත් වේ යයි යමෙකු සිතුවද එය එසේ සිදුවී නැත්තේ, අදටත් බස් රථ අතර ජනහිතකාමීම බස් සේවය ලංගමයම වන නිසාය. විනාඩි 45 ක ගමනකට, පැය 2 ක් ගත කරමින් බස් තුල මගීන් තෙරපවන පුද්ගලීක බස් ව්‍යාපාරයෙන් මිදීමට මගියාට ඇති එකම විකල්පය ශ්‍රී ලංගමයයි. ඒ නිසා අදටත් මගියෙක් මහමග ලංගම බස් රථයක් දුවූ විට ඒ වෙත දිව යන්නේ සිත සතුටිනි.

කෙසේ වෙතත් අන්තර්ජාලය තුල ලංගම වෙනුවෙන් වෙන්කර තිබුණු ඉඩ ප්‍රමාණය කිසිසේත් ම ප්‍රමාණවත් නොවුණු බව අපට හැඟී ගියේ ඒ පිළිබඳව අන්තර්ජාලයේ පරිශීලනය කිරීමෙන් පසුවයි. ලාභ පාරෙන් ලාභය උපයා පාඩු පාරේ පාඩුවට බස් ධාවනය කරමින් ලාංකේය මගී ජනතාවට අතිමහත් සේවයක් කරන අපේ ලංගමට ඊට වඩා ඉඩක් අන්තර්ජාලයේ වෙන් විය යුතු බව සලකා එය අන්තර්ජාලයේ ප්‍රවර්ධනය කිරීමට ක්‍රමයක් සොයමින් සිටි අතරතුර බ්ලොග් අඩවියක අදහස පහල විය. ඒ අනුව http://sltb.lk යන නාමය ඇතිව වෙබි අඩවියක් ආරම්භ කළෙමු.

ලංගම බස් අඩවියට දිනෙන් දින ලැබුණු යහපත් ප්‍රතිචාර මත එහි ඇති වටිනාකම අපටම මැනවින් පැහැදිලි වුන අතර ඒ පිලිබඳ ඉතා සතුටක් ඇතිවිය. ඒ නිසාම තව තව ඡායාරූප හා තොරතුරු එක්රැස් කරමින් එය යාවත්කාලීන කිරීමේ උනන්දුව ඇති විය. ඒ අනුව ලංගම බස් අඩවිය වර්තමාන තත්වයට යාවත්කාලීන කර ගැනීමට අපට හැකි විය. මේ වන විට මුළු ලිපි 880 කින් යුක්ත ලංගම බස් අඩවිය දෛනික පිටු නැරඹුම් 800 ක් පමණ ලැබීම සතුටට කරුණකි. තවද වර්තමානයේ ලංගම පිලිබඳ අන්ත්ජාලයේ පරිශීලනය කරන්නෙකුට ඡායාරූප ඇතුළුව තොරතුරු ගොන්නක් සැපයීමටද අපට හැකිව තිබේ. අනාගත පරපුරටද ලංගම පිලිබඳ සුභවාදී ආකල්පයක් ලබාදීම ඒ හරහා හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

ලංගම බස් අඩවිය පරිශීලනය කරන සියලුම දෙනාට ඒ පිළිබඳව ස්තූති කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නේ ලංගම බස් අඩවියේ නියම සාර්ථකත්වය ලැබෙන්නේ එය පර්ශීලනය කරන පාඨක ප්‍රජාව නිසාම බැවිනි. ඔබ සැමට ස්තූතියි!!