ඉතිහාසය



එනම් වේරහැර මධ්‍යම වැඩපළ ඉදිකිරීම, ගිංතොට, උඩුබද්දාව, කැප්පෙටිපොල, කුරුණෑගල, ගාල්ල, මහනුවර, ඒකල ප්‍රාදේශීය වැඩපළ ඉදිකිරීම, මොරටුව බස්රථ නඩත්තු මධ්‍යස්ථානය ආරම්භ කිරීම, සංචාරක බංගලා ඉදිකිරීම, අලුතින් ඩිපෝ ආරම්භ කිරීම, රියදුරු පුහුණු පාසැල් ඇරඹීම, තැපැල් සේවා ක්‍රියාත්මක කිරීම, ගරුතර භික්ෂූන් වහන්සේලා සඳහා කූපන් ක්‍රමයක් මගින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ටිකට් යන්ත්‍ර අලුත් වැඩියා මධ්‍යස්ථානයක් ඇරඹීම, කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම හා සමස්ත කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන ඇරඹීම ආදිය මේ අතුරින් කැපී පෙනෙන සාධක ලෙස දැක්විය හැක.

1978 වර්ෂයේ දී ලංකා ගමනාගමන මණ්ඩලය, මධ්‍යම ගමනාගමන මණ්ඩලය ලෙසට හා ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09 ට කොටස් කර විමධ්‍යගත කරන ලදී. එම වසරේ දී ම මෙතෙක් පැවති රජයේ ඒකාධිකාරය බිඳ දමමින් පෞද්ගලික අංශයට මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ යෙදීමට අවසර ලැබුණි. 1987 අංක 23 දරණ පණතට අනූව 1990 දෙසැම්බර් 18 දින බස් ඩිපෝ වෙන වෙන ම පාලනය වන සමාගමක් ලෙසට විමධ්‍යගත කර ජනතාසන්තක බස් සමාගම් බිහි විය. මීගමුව රත්මලාන සහ මහනුවර දකුණ ඩිපෝවන් ආරම්භක ජනතාසන්තක සමාගම් විය. ඉන්පසු ජාතික ගමනාගමන කොමිසන් සභා පනත 1996 අංක 30 දරණ සංශෝධන පනත මගින් සංශෝධනය කර ජනතා සන්තක බස් සමාගම් පොකුරු බස් සමාගම් බවට පත් විය. ඉන්පසු 2005 අංක 27 දරණ පණත මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත බිහි විය. ඒ තුළින් නැවත මධ්‍යගත පාලනයට අනුගත විය. ඉන් පසු නැවතත් ශ්‍රී ලංගම සභාපතිවරයෙකු සහිත අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පාලනය වීම ඇරඹුණි.

1907 වසරේ ශ්‍රී ලංකාවේ මගී ගමනාගමන බස්රථ සේවාව ආරම්භ වූයේ හලාවත සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථයක් ධාවනය කරමිනි. එදා සිට 1958 දක්වා මගී ගමනාගමනය සිදු වූයේ පෞද්ගලික බස්රථ සමාගම් තුළිනි. 1957 අංක 48 දරණ ගමනාගමන මණ්ඩ ල ආඥා පණත සම්මත වීම හරහා 1958 ජනවාරි 01 වන දින දිවංගත අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍ය ගරු මෛත්‍රීපාල සේනානායක ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පැවති විශේෂ උත්සවයකදී අංක 22 ශ්‍රී 1087 දරණ බස් රථයට ගරු ඇමතිතුමාගේ ගොඩ වී ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන ගමන් කිරීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවනය ආරම්භ කරන ලදී.

මෙසේ ඇරඹි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රථම සභාපතිවරයා වූයේ වී.ඒ.එච්. ද මෙල් මහතා යි.

එතැන් සිට මෙතෙක් තිබූ පෞද්ගලික ඒකාධිකාරය බිඳ වැටී රජය එම තැන අත්පත් කර ගනිමින් රාජ්‍ය මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය ආරම්භ විය. ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වලට ප්‍රවාහන සේවා සැපයීම, පාසැල් ශිෂ්‍යයින්ට සහනදායී ගාස්තු මත ගමන් කිරීමේ අවස්ථා හිමි වීම වැනි කරුණු හරහා එහි සේවාව මහජනයා වෙත වඩාත් සමීප විය. මෙම ගමන්මගෙහි 19 වැනි සැතපුම් කනුව වෙත ළඟා වන විට එනම් 1977 වන විට ලංගම ස්වර්ණමය යුගයෙහි පසුවිය. එකල සභාපතීත්වය දැරුවේ අනිල් මුණසිංහ මහතා විසිනි. මෙකල ලංගම සිය ජාතික මෙහෙවර විවිධ අංශ හරහා ව්‍යාප්ත කර තිබුණි.




මෙසේ නව ජීවයක් ලැබූ ශ්‍රී ලංගම නව බස්රථ 2000 ක් මිලදී ගෙන ධාවනයට එකතු කිරීමත් ධාවනයෙන් ඉවත්ව ඇති බස් රථවලට නව එංජින් 270 ක් සවිකර ධවනයට එකතු කිරීම ඔස්සේ රථ ඇනිය පුළුල් කරන ලදී. කාර්යාල සේවක ගමන් පහසුව සඳහා දුම්රිය ස්ථානවල සිට රජයේ කාර්යාල ආවරණය වන පරිදි නව ගමනාන්ත සහිතව ගමන්වාර ආරම්භ කිරීම, “සිසු සැරිය” ව්‍යාපෘතිය යටතේ පාසැල් සේවා බස්රථ ද අඛණ්ඩව ධාවනයට එක් කිරීම, ලංගම ඩිපෝ අතුරින් වඩාත් කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන ලද ඩිපෝ තෝරාගෙන ආදර්ශ ඩිපෝ වශයෙන් නව ව්‍යාපෘතීන් ආරම්භ කිරීම හරහා කාලසටහන් අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කිරීම මෑත අවධියෙහි ගත් වැදගත් පියවරක් වෙයි. අක්‍රමවත් ව පැවති අලුතින් බඳවා ගැනීම් විධිමත්ව විනිවිදභාවයෙන් යුක්ත ව සිදුකිරීමට පියවර ගැනීම හරහා ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් පසුව උපාධිධාරීන් 110 දෙනෙකු 2008 නොවැම්බර් 16 දින බඳවා ගැනීමට කටයුතු කර ඇත. මීට අමතරව අම්පාර ප්‍රදේශයේ පිහිටි ටයර් නැවත පිරවීමේ කම්හල නවීකරණය කර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම කැපී පෙනේ. තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාව මත නව තොරතුරු තාක්ෂණ ඒකකයක් ශ්‍රී ලංගම තුළ පිහිටුවීම, කොළඹ පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඇරඹීම, නව ආරක්ෂක බළකායක් ශ්‍රී ලංගම තුළ ස්ථාපිත කිරීම හා පෞද්ගලික බස් රථ හා ශ්‍රී ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් යටතේ ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සුවිශේෂී පියවර වෙත්.

මෙවැනි සුභාවාදී නව ප්‍රවේශයන් තුළින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාංකික මගී ජනයා වෙත වඩා ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරිව අභිමානයෙන් ගමන් කරනු ඇත.