ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

මෙහෙවර

මහජනතාවට ආරක්ෂිත, විශ්වාසදායී, සුවපහසු මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයක් සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ සේවයට කැපවූ පලදායී කාර්ය මණ්ඩලයක් මගින්, මහජනතාවට ආයතනයේ සියළුම සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකමය වශයෙන් තුලනාත්මකව පවත්වාගෙන යාම.

දැක්ම

කලාපයේ විශිෂ්ඨතම මගී ප්‍රවාහකයා.

නවතම පුවත්

“75 වැනි නිදහස් දිනයට සමගාමීව දිවයිනේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය මඟින් නව බස් රථ 500ක් බෙදා හැරේ. ”


75 වන නිදහස් දින සැමරුමේ කොටසක් ලෙස, ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය මඟින් දිවයිනේ සියලුම ඩිපෝවලට නව බස් රථ 500 ක් බෙදා හරිනු ලැබේ. ඒ යටතේ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඩිපෝවලට බස් රථ බෙදාදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

වැඩි විස්තර

“මුලතිව් ඩිපෝවේ අලුතින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල ගරු ලංගම සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ ”


මුලතිව් ඩිපෝවේ අභිනවයෙන් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා විසින් අද විවෘත කරන ලදී. මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු (උතුරු කලාපය), ඩිපෝ කළමණාකාර මුලතිව් ඩිපෝව ඇතුළු ඩිපෝවේ කාර්ය මණ්ඩලය සහභාගී විය.

වැඩි විස්තර

“ලංගම රියදුරු සහ කොන්දොස්තර මහතුන් හට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සව අවස්ථාව....”


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තර වරුන්ගේ පුරප්පාඩු දහසකට අධික ප්‍රමාණයක් පිරවීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 275ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

වැඩි විස්තර

ගරු.(ආචාර්ය)බන්දුල ගුණවර්ධන මහතා

ප්‍රවාහන අමාත්‍ය

ගරු. ලසන්ත අලගියවන්න මහතා මහතා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

ඉංජිනේරු එස්.එම්.ඩී.එල්.කේ.ඩී. අල්විස් මහතා

සභාපති

ගරු.(ආචාර්ය)බන්දුල ගුණවර්ධන මහතා

ප්‍රවාහන අමාත්‍ය

ගරු.ලසන්ත අලගියවන්න මහතා මහතා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

ඉංජිනේරු එස්.එම්.ඩී.එල්.කේ.ඩී. අල්විස් මහතා

සභාපති